නොවැම්බර් 01 වැනිදා මළගිය ඇත්තන් සිහිපත් කරන ප‍්‍රංශයේ විශේෂිත නිවාඩු දිනයකි.
මුළු ප‍්‍රංශයේම ඇති සුසාන භූමි විවිධ මල් මිටි වලින් එදිනට වර්ණවත් වෙයි. සුසාන භූමියට මල් යායක සිරි ගනී.
එදිනට පැරීසියේදි මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කර පවත්වන විශේෂ පිංකම 25 වැනි වරටත් සිකුරාදා පැරිසියේ කලාප අංක 20 හී පිහිටි අංක 124 රූ බැනියොලේ ශාලාවේදි උදේ 10 ට ආරම්භවේ. පැරීසියේ ජීවත් වෙමින් මියගිය සියල්ලන්ගේ ඡායාරූප ඉදිරියේ පහනක් දල්වා අනුස්මරණය කොට ආගමානුකූලව ඔවුන්ට පිං පමුණුවා දන්සැලක්ද ඉන් අනතුරුව පැරීසියේ විසිරී සිටින යාචකයන්ට කෑම පාර්සල් බෙදා දීමෙන් පසු පිංකමේ කටයුතු අවසන්වේ.
වසර 25ක් මුළුල්ලේ මෙම පිංකමට පෙරමුණ ගත් පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ගේ ක‍්‍රිස්තියානි එකමුතුව හා ඊට අනුබද්ධිත උස්කා ක‍්‍රිකට් ක‍්‍රීඩා සමාජය ඉහත පිංකම සංවිධානය කරන අතර මෙම මහඟු පිංකමට සහභාගි වන ලෙස එහි ප‍්‍රධාන සංවිධායක ශාකි ජයවර්ධන මහතා සියලූ දෙනාට ඇරයුම් කරන්නේය