ප්ලාස්ටික් හදවතින් පණ රැකේ


එංගලන්ත ජාතික මැතිව් ග්‍රීන්ට ඉතා ඉක්මණින් හදවත් සැත්කමක් සිදු කළ යුතුව තිබිණි. ජිවිතය අවදානම් තත්ත්වයක සිටි ග්‍රීන්ගේ හදවත් සැත්කම කේම්බ්‍රිජ් පැප්වර්ත් මහා රෝහලේ දී පසුගිය දා සිදුවිය.  විශේෂඥ වෛද්‍ය ස්ටීවන් ට්ස්නි ඔහුට ප්ලාස්ටික් හදවතක් බද්ධ කෙළේය.  මේ වන විට ලෝකය පුරා මෙවැනි ප්ලාටික් හදවත් සැත්කම් 900 සාර්ථකව කර ඇතත් එංගලන්තයේ මෙවැනි සැත්කම් සිදු වුයේ පළමු වතාවටය. සැත්කමට පෙර තමාට මීටර් පනහක් එක දිගට ඇවිදීමට පවා නොහැකි වුවත් දැන් සාමාන්‍ය ආකාරයට වැඩ පළ කළ හැකි යැයි මැතිව් ග්‍රින් පවසයි. ඒත් ඔහු යන ඕනෑම තැන කිලෝ ග්‍රෑම් හයක් බර බෑගයක් රැගෙන යා යුතුය. ඔහුගේ ප්ලාස්ටික් හදවතේ ක්‍රියාකාරීත්වය රඳවන බැටරිය හා තවත් දේ එහි ඇත. මැතිව්  ස්ථිර හදවත් සැත්කමක් කරන තෙක් කිසිදු අවදානමකින් තොරව ජිවත් විය හැයි යැයි වෛද්‍ය ට්ස්නි පවසයි.