ප්ලාස්ටික් නිෂ්පාදන 7ක් තහනම් කරමින් ගැසට්ටුවක්


(යොහාන් භාසුර)

ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග තවත් 7ක් තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

නීතිපතිවරයාගේ නිර්දේශ ලැබුණු වහාම එම ගැසට් නිවේදනය නිකුත් කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

ප්ලාස්ටික් බීම බට, ප්ලාස්ටික් හැඳි, ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් පිහි, ප්ලාස්ටික් ගෑරුප්පු, ඉඳි ආප්ප වට්ටි, කෘතිම තණ ඇතිරිලි, පොලිතින් මල් මාලා, ග්‍රොසරි බෑග් සහ සිලි සිලි බෑග් ඇතුළු පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් ද මීට පෙර ගැසට් නිවේදන  මගින් තහනම් කිරීමට පරිසර අමාත්‍යංශයේ කටයුතු කළේය.