පළාත් සභාවට තවත් දතක්


පළාත් පාසල් වලින් ජාතික පාසල්වලට මාරුවීම් ඉල්ලන ගුරුවරුන් මින් පසු බත්තරමුල්ල ඉසුරුපායේ ජාතික පාසල් අංශයට පැමිණිය යුතු නැත. පළාත් අධ්‍යක්ෂකවරයාගෙන් එම කාර්ය ඉටුකර ගත හැකි බව පළාත් සභා ආරංචි කියයි. පළාත් සභා අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට මෙතෙක් නොතිබූ බලයක් මේ අනුව ලැබේ.