පළාත් සභා මැතිවරණය පැවැත්වීම නිර්දේශ කරන්න පංච පුද්ගල කමිටුවක්



(සුජිත් හේවාජුලිගේ ) 

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා  නිර්දේශ ලබා දීමට පංච පුද්ගල කමිටුවක් කතානායක කරු ජයසුරිය මහතා විදින් අද(28) පත් කර ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතීත්වය දරණ මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ ආර්.එම්.ඒ එල්. රත්නායක, පෙරියසාමි මුත්තුලිංගම්, මහාචාර්ය බාල සුන්දරම් පිල්ලේ  හා ආචාර්ය ඒ.එස්.එම් නවුෆාල් යන මහත්වරුය.

කතානායකවරයා මේ පංච පුද්ගල කමිටුව පත් කර ඇත්තේ  2017  අංක 17 දරණ පළාත් සබා මැතිවරණ (සංශෝධන) පනතේ 4 (12) කොමිසමට අනුකූලව යැයි  කතානායක කාර්යාලය පවසයි.

මෙම  කමිටුව  අද (28) සිට බලපැවැත්වෙන බවද එම කාර්යාලය සඳහන් කරයි.පළාත් සභා මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ  පැවැත්වීමට අදාල පළාත් සභා සීමා නිර්ණය වාර්තාව  ඉකුත් 24 වැනිදා පාර්ලිමේන්තුවේදී  පරාජයට පත් විය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට පත් කිරීමට  කතා නායක තීරණය කළේ ඉන් අනතුරුවය.මෙම කමිටු එම  නිර්දේශය මාස දෙකක් ඇතුළතදී  ජනාධිපතිවරයාට  බාර දීමට නියමිතය.