පළාත් සභා මන්ත‍්‍රී රිමාන්ඞ්
ජපානයට කොතල හිඹොටු යවන ආණමඩුවේ සෙට්ටිකුලමේ ජෝෂප් ස්ටැනිස් පෙරේරා නම් ධනවත් ව්‍යාපාරිකයා මරා දැමීමට රුපියල් දස ලක්ෂයක කොන්ත‍්‍රාත්තුවක් දුන්නැයි කියන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී එම්.ඒ. ක්ලැරන්ස් තුෂාර පෙරේරා පුත්තලම මහේස්ත‍්‍රාත් හේෂාන් ද මෙල් මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබීය.
තුෂාර පෙරේරා ද මුලදී ඔහු සමග එක්වී කොතල හිඹොටු රට යැවූ පුද්ගලයකු බවත්, සිය ප‍්‍රතිවාදියා මැරීම සඳහා අවියක් ද දී හමුදා සෙබළුන් තිදෙනකුට ඔහු පෙන්නා ඇති බවත් පොලිසි අධිකරණයට කියා සිටියේය.

