පළාත් සභා නිලධාරීන් 750කට තීරුබදු රහිත වාහන බලපත්‍ර



 
(මුදිතා දයානන්ද)
        
පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබා නොදුන්නද පළාත් සභා නිලධාරීන් 750කට තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි  එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා අද (21) පැවසීය.
        

කිඳෙල්පිටිය මහතා මේ බව පැවසූයේ බස්නාහිර පළාත් සභා රැස්වීම එහි සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද බත්තරමුල්ල පළාත් සභා පරිශ‍්‍රයේදී පැවැත්වූ අවස්ථාවේදීය.
 
ඔහු මෙසේද පැවසීය.
 
         ‘‘දැන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරු වෙනුවෙන් ගෙන්වන ලක්ෂ හය හමාරක පුටුවක් ගැන කතා කරනවා. ඇත්තටම මන්ත‍්‍රීවරුන්ට මොනවද ලැබිලා තියෙන්නේ. මීට පෙර පළාත් සභාවලදී සභා මන්ත‍්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලැබුණා.
 
එහෙත් මෙවර සභා කාලය අවසන් වීමටත් ආසන්නව තිබියදීත් අපිට ඒ වාහන පහසුකම ලැබුණේ නැහැ. එහෙත් නිලධාරින් 750 කට තිරුබදු රහිත වාහන මේ වසරේ ගෙන්වා තිබෙනවා.‘‘