රංජන් කස්තුරි
සබරගමු, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සභා තුනේ නිල කාලය මේ මස අවසානයත් සමඟ නිමවීමට නියමිතය.
ඒ අනුව සබරගමුව පළාත් සභාවේ නිලකාලය මේ මස 26 වැනිදා මධ්‍යම රාත්‍රියෙන්ද, නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය මේ මස 30 වැනිදායින් ද, උතුරු මැද පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් පළමු වැනිදායින් ද අවසන් වේ.
1988 අංක දෙක දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනතට අනුව නිල කාලය අවසන්වූ මොහොතේ සිට එම පළාත් සභාව විසුරුවා හැරියා සේ සලකනු ලබයි.

