ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ
සීමා නිර්ණ වාර්තාවට පාර්ලිමේන්තු අනුමැතිය නොලැබුණු බැවින් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංචපුද්ගල කමිටුවක් පත්කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයාට අමතරව ඒ සඳහා පත්කරන සාමාජිකයින් පක්ෂ නියෝජිතයින්ගේද එකඟත්වය ඇතිව කතානායකවරයා විසින් ඉදිරි දින කීපය තුළ නම් කරනු ඇතැයි කතානායක කාර්යාලය අද (24) නිවේදනය කළේය.
මේ සඳහා අග‍්‍රාමාත්‍යවරයාට අමතරව පත් කරනු ලබන අනෙක් සාමාජිකයන් දේශපාලඥයන් නොවන අදාල ක්ෂේත්‍රව පිළිබඳ දැනුමක් ඇති බුද්ධිමතුන් වනු ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය නොලැබුණු බැවින් ව්‍යවස්ථානුකූලව පනතේ 4(12 වගන්තිය අනුව කතානායකවරයා විසින් පියවර ගනු ලැබිය යුතු බවත් ඒ අනුව ඔහු මෙම තීරණය ගත් බවත් ඡන්ද විමසීමෙන් පසු කතානායක කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පළාත් මැතිවරණය ගැන අදහස් ගන්න පංච පුද්ගල කමිටුවක්
Recommended Articles