පළාත් පාලන මැතිවරණ කොට්ඨාස ගණන 4500කට අඩුවෙයි


(ආරියරත්න රණබාහු)

නව සීමා නිර්ණයන්ට අනුව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 දක්වා අඩුකළ බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළාත් පාලන ඡන්ද විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වේ.
මීට පෙර තිබූ මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 8000කි.
නව සීමා නිර්ණ අනුව පළාත් පාලන මැතිවරණ කොට්ඨාස 4500ක් යටතේ මීළඟ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙම සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් ඊයේ(20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.