පළාත් තුනේ ඡන්දය සියයට 50-55යි


උතුරු මැද" නැගෙනහිර සහ සබරගමුව මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50-55 අතර මට්ටමක පැවැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. සමස්ථයක් වශයෙන් ගත් කල මැතිවරණය සාමකාමීව පැවැතියත්, ඇතැම් ස්ථානවල පහරදීම් ඇතුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 76ක් පමණ වාර්තාවී ඇතැයි ද ඔහු කියයි. අද සවස 4.00 ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ අතර මේ වන වට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට රැගෙන යමින් තිබෙන බව ද මැතිවරණ නිලධාරීහු කියති. වැඩිම සිද්ධීන් වාර්තා වී ඇත්තේ උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලිනි. රත්නපුර අම්පාර ත්‍රිකුණාමලය ඡායාරූප සහ විස්තර ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව, අජිත් ලාල්ශාන්ත උදය, අම්පාර වාර්තාකරු, මහින්ද නිශ්ශංක, විනීතා එම් ගමගේ