(බිඟුන් මේනක ගමගේ )
පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත සංශෝධන කීපයක් සහිතව භාවිතයට ගන්නැයි පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරී කමිටුව සියලුම දේශපාලන පක්ෂවලටත් මැතිවරණ කොමිසමටත් යෝජනා කර සිටී.
පළාත් සභා සම්බන්ධයෙන් යෝජිත නව මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කරමින් එම කමිටුව මේ බව පවසයි.
දේශපාලන පක්ෂ, මැතිවරණ කොමිසම හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ යෝජනාවක් පරිදි පත් කෙරුණු මෙම කමිටුව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයන්ගෙන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත විය.
පළාත් සභා ඡන්ද විමසීම් ප්‍රමාද කිරීමට මෙම වාර්තාව කිසිදු ලෙසකින් උපයෝගී කර නොගන්නැයි තමන් ඉල්ලා සිටින බව ද කමිටු සාමාජිකයෝ එමගින් ඉල්ලා සිටිති.
නව මැතිවරණ ක්‍රමය පිළිබඳ පවත්නා දුර්මත, සීමා නිර්ණය හා සබැඳි සීමාවන්, පළාත් සභාවල ක්‍රියාකාරී බහුතරයක් නිර්මාණය කරගැනීමට දේශපාලන පක්ෂවලට ඇති නොහැකියාව යනාදී වශයෙන් තේමා හයක් යටතේ සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුව කටයුතු කර ඇත.
මැතිවරණ කොමිසම, ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් සමාජ සංවිධාන සමග සාකච්ඡා කර මෙම කමිටු වාර්තාව සකසා ඇත.