(ඩයනා උදයංගනී)
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (3) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින අතර උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා පැවසීය.
උතුරු, උතුරු මැද පළාත්වල උදෑසන කාලයේ ද වැසි ඇතිවිය හැකි බව ඔහු කීවේය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරුද ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.

