(ඩයනා උදයංගනී)
පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහ තද සුළං තත්ත්වය මෙම මස 20 වැනිදා පමණ වනතුරු පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ලසහ මාතර දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරියක් පැවසුවාය.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කළුතර සහ ගාල්ල දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසිද, කුරුණෑගල, මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ වැසිද ඇති විය හැකි බව ඇය සඳහන් කළාය.
සෙසු ප‍්‍රදේශවල ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ඇය ප‍්‍රකාශ කළාය.
එමෙන්ම වයඹ, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර 60 පමණ දක්වා තද සුළං ඇතිවිය හැකි බව ද කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥවරිය පැවසුවාය.
දිවයින වටා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 - 70 පමණ දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප‍්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද ඇය කීවාය.
එබැවින් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.