පළාත් එක්දින තරගාවලියෙන් බස්නාහිර පිල විසිවෙයි


අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට කදුරට/ඌව ඒකාබද්ධ, වයඹ, රුහුණු සහ උතුර/නැගෙනහිර ඒකාබද්ධ යන කණ්ඩායම් සුදුසුකම් ලැබීය. කණ්ඩායම් පහක් සහභාගි වූ මෙම තරගාවලියේ පළමු වටයෙන් බස්නාහිර පිල ඉවතට විසිවිය.

පළමු අවසන් පූර්ව තරගය කදුරට/ඌව ඒකාබද්ධ පිල සහ උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල මේ මස 27 වැනිදා එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ද, දෙවැනි අවසන් පූර්ව තරගය රුහුණ පිල සහ වයඹ පිල අතර මේ මස 2 වැනිදා පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වේ.

කොළඹදී පැවැති පළමු වටයේ අවසන් තරගවලදී ජෙහාන් මුබාරක් මෙහෙයවන වයඹ පිල විසින් කඩුලූ 2 කින් දිමුත් කරුණාරත්න මෙහෙයවූ කදුරට/ඌව ඒකාබද්ධ පිල ද, චාමර සිල්වා මෙහෙයවන රුහුණ පිල විසින් ලකුණු 8 කින් මලින්ද වර්ණපුර මෙහෙයවන බස්නාහිර පිල ද, පරාජය කරන ලදී.   

මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී

කදුරට/ඌව ඒකාබද්ධ පිල  ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 203

(දිමුත් කරුණාරත්න 36, තිලාන් සමරවීර 48, දුලීක තිස්සකුට්ටිගේ 17, දිල්හාන් කුරේ 38, දේශාන් ඩයස් 21, නුවන් ප‍්‍රදීප් 22/3, තරි`දු කෞෂාල් 42/3, චතුර රන්දුණු 38/2)

වයඹ පිල  ඕවර 31.4 කදී කඩුලූ 8 ට 205

(ඩිල්ෂාන් මුරණවීර 20, ජෙහාන් මුබාරක් 81, චාමර කපුගෙදර 68, දුලංජන මෙන්ඩිස් 48/3, රජීව් වීරසිංහ 49/3)

එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී

රුහුණ පිල  ඕවර 49.5 කදී 242

(ඩිල්රුවන් පෙරේරා 33, අෂාන් ප‍්‍රියංජන් 35, ගයාන් මනීෂාන් 34, ඉන්දික ද සේරම් 83, ජනක ගුණරත්න 20, තිළිණ තුෂාර 44/2, සීකුගේ ප‍්‍රසන්න 52/2, සචිත‍්‍ර සේරසිංහ 45/2)

බස්නාහිර පිල  ඕවර 40.2 කදී කඩුලූ 9 ට 234

(මහේල උඩවත්ත 21, තිලකරත්න සම්පත් 19, රුමේෂ් බුද්ධික 26, සචිත‍්‍ර සේරසිංහ 48, රොෂේන් සිල්වා 33, තිළිණ තුෂාර 30, මාලින්ද පුෂ්පකුමාර 46/3, ඩිල්රුවන් පෙරේරා 53/2, ෂෙහාන් ජයසූරිය 9/2)