(මහින්ද නිශ්ශංක)
ත්‍රීරෝද රථ සඳහා පළමුවන කිලෝමීටරයකට අය කරන ගාස්තුව අගෝස්තු මස 10 වැනි දා සිට රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කර ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.
ඒ අනුව රුපියල් 50 ක් වන පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 60 දක්වා වැඩිවන බවද ජයවර්ධන මහතා කියයි.
කෙසේ වෙතත් දෙවන කිලෝමීරයේ සිට අය කෙරෙන ගාස්තුවල කිසිදු වෙනසක් සිදුවන්නේ නැත. දෙවැනි කිලෝ මීටරයේ සිට අයකළ යුතු සම්මත ගාස්තුව රුපියල් 40 කි. ඒ අනුව කිලෝ මීටර දෙකක ගමනක් වෙනුවෙන් මගියකුට වැයවන්නේ රුපියල් 100 කි.
ත්‍රීරෝද රථ අමතර කොටස් මිල ඉහළ යාම, ආර්ථික ප්‍රශ්න හා ත්‍රීරෝද රථ අලුත්වැඩියා ගාස්තු ඉහළ යාම හේතුවෙන් ගාස්තු මිල වැඩි කරන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

