පහේ සිසුන් සමඟ උද්ඝෝෂණ බෑ


පහේ ශිෂ්‍යත්වය ප‍්‍රශ්නපත‍්‍රය කලින් පිටවී යැයි පහේ සිසුන් හවුල් කරගෙන උද්ඝෝෂණ කිරීමට නොහැකිවන සේ ගම්පහ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය වාරණයක් නිකුත් කළාය. රහස් පොලිසිය කළ ඉල්ලීමක් අනුව නොතීසි පිට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අද උසාවියේ පෙනී සිටියේය. ප‍්‍රශ්නපත‍්‍ර පිටවූ බවට තොරතුරු දුන් අය පිළිබඳ විස්තර ඔහු නොදුන් බව රහස් පොලිසිය කීවේය. තොරතුරු දුන් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කීවාය. ඔහු දන්නා තවත් දෙයක් ඇත්නම් හය වැනිදා අධිකරණයට දන්වන ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය. ලංකා ගුරු සේවා සංගමයට වෙනම  වාරණයක් නිකුත් කළේ නැත. 2002 වසරේ සිට ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන මහින්ද ජයසිංහ මහතා 1992 වසරේ ඉංග්‍රීසි උප ගුරුවරයකු වශයෙන් ගුරු සේවයට එක්වී ඇති බව ද, 2009 වසරේ දී චෝදනා 12ක් යටතේ විනය පරීක්ෂණයකට යටත්ව සේවයෙන් පහකර ඇති බව ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.