පහේ ශිෂ්‍යත්ව නඩුව ඉවරයි
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න විභාගයට පෙර පිටවීයැයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඔහුගේ නීතීඥයා මගින් පෙර නඩුවාරයේදී අධිකරණයට දුන් ජාතික හැදුනුම්පත් අංකයක් ව්‍යාජ අංකයක් බව රහස් පොලීසිය අද (23) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මියට දැන්වීය.
ශිෂ්‍යත්ව විභාගයට පෙර එහි ඇතැම් ප්‍රශ්න පිටවූ බව දැනගන්නට ලැබුණු බව ගම්පහ යක්කල තිදෙනෙකු විසින් ප්‍රකාශ ලබා දුන් බවත්, නමුත් ප්‍රශ්න පිටවූ තැනක් හෝ ආකාරයක් ගැන ඔවුන් විසින් තොරතුරු හෙළි නොකළ බවත්, මෙතක් කරන ලද පරීක්ෂණවලට අනුව ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බවට කිසිදු සාක්කියක් නොමැති බවත් රහස් පොලීසිය මහේස්ත්‍රාත්වරිය හමුමේ ප්‍රකාශ කළේය.
ශිෂ්‍යත්ව අක්‍රමිකතාවක් නොවූ බව රහස් පොලීසිය කියන නිසා නීතිපතිට ඕනෑනම් මිස යළි නඩුව නොකැඳවන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

