පහේ ප්‍රශ්න පිටවීම ගැන රහස් පොලීසිය වැඩ අරඹයි


පහේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්න කලින් පිටවූවායැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  රහස් පොලීසියට පැමිණිලි 9ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මේ වන විට විභාග කොමසාරිවරයාගෙන් සහ ගම්පහ තවත් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද රෝහණ මහතා පවසයි.