(ඩබ් ඒ පියතිලක)
මින්නේරියේ ජාතික උද්‍යානයේ සේවයේ නිරත වනජිවි නිළධාරින්ට පහර දුන් සියලු දෙනා අත් අඩංගුවට ගෙන නිතිය ක‍්‍රියාත්මක කරන තුරු පොලොන්නරුවේ ජාතික උද්‍යාන හතර ඇතුළුව අඩවි ආරක්ෂක කාර්යාල සහ බිටිටු කාර්යාල තිහක පමණ සේවයේ නිරත වනජිවි නියාමකවරු සහ ක්‍ෂේත‍්‍ර සහායකවරු පිටත රාජකාරිවලින් බැහැරව කාර්යාල තුළ පමණක් සේවයේ යෙදෙන බව සමස්ත ලංකා වනජිවි නියාමක නිළධාරින්ගේ සංගමයේ සභාපති එම් ඉන්දික වසන්ත පිරිස් මහතා පැවසීය.
පසුගිය දිනක මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වු ධීවරයෙකු අත්අඩංගුවට ගැනීම යෑම සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය දෙදෙනෙකු පමණක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම පිළිබඳ සෑහීමකට පත් නොවන නිසා මෙම පියවර ගෙන තිබේ.
රාජකාරී කිරිමට සුදුසු වතාවරණයක් නොමැතිකම නිසා මෙම පියවර ගත් බව සභාපතිවරයා පැවසීය.
නිළධාරින්ට පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා තෙක් දැනට පොලොන්නරුවේ පමණක් මෙම වෘත්තිය කි‍්‍රයා මාර්ගය කි‍්‍රයාත්මක කරන අතර සියලු අත්අඩංගුවය ගැනිම නොකලහොත් ලංකාව පුරාම මෙම වෘත්තිය කි‍්‍රයා මාර්ගය කි‍්‍රයාත්මක කරන බවද හෙතෙම පැවසීය.