(ඉන්දිකා රාමනායක)
කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකුට විද්‍යාල පරිශ‍්‍රයේ දී පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ දී සිසුන් 12 දෙනෙකු අද (10) කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිසුන් පිරිස සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට ඊයේ පෙරවරුවේ කුරුදුවත්ත පොලිසියට කැඳවා ප‍්‍රකාශ සටහන් කරගෙන පසුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඉකුත් (8) දින රාති‍්‍රයේ සිදු වු මෙම සිද්ධියෙන් කලා පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.
අත්අඩංගුවට ගත් සිසුන් 12 දෙනාම කලා පීඨයේ දෙවන වසරේ සිසුන් බවද පොලිසිය කියයි.

