
(තුසිත කුමාර ද සිල්වා)
හිටපු අමාත්‍ය කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ශල්‍යකර්මයකට භාජනය කර ඇතැයි කලුතර නාගොඩ රෝහල් පොලිසිය සඳහන් කරයි.
ඒ මහතාගේ එක් පාදයකට බරපතල තුවාල සිදුවී ඇතැයි ද රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.
මතුගම වෑකන්දල ප්‍රදේශයේ පානීය ජල නළ පද්ධතියට බට එලන අයුරු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී කොන්ත්‍රාත් සමාගමේ නිලධාරීන් සමඟ ඊයේ (22) බහින් බස් වීමක් ඇතිවීමෙන් අනතුරුව ඇති වූ පහර දීමකින් හිටපු අමාත්‍යවරයා අසල ඇති කාණුවකට ඇද වැටී කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇත.

