පහර කෑ සිසුවෙක් හෝමාගම රෝහලේ


හෝමාගම කිරිවත්තුඩුව විජයවර්ධන මහා විද්‍යාලයයේ දහ වැනි වසරේ සිසුවෙක් පාසලේදී පහර කෑමට ලක්ව හෝමාගම රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

තවත් සිසුවකු තමා තල්ලු කළ අවස්ථාවේ එහි පැමිණී විදුහල්පති අතින් පයින් ද වැටමාර පොල්ලකින් ද පහරදුන් බව සිසුවාගේ මව පොලීසියට පැමිණිලි කැර ඇත.

විදුහල්පති එම් ඩී එස් පුෂ්පකුමාර මහතා පැවසුයේ  මෙය කුමන්ත්‍රණයක් බවයි.

කිසිම ශිෂ්‍යයකුට පහර නොදුන් බවත් සිසුන් කෑ කෝ ගසද්දී වැටමාර කෝටුවක් කඩා  බිමට ගැසු බවත් විදුහල්පති කියයි.