(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර සිට දුම්රියෙන් කොළඹ පැමිණෙමින් සිටියදී සිය මුදල් පසුම්බිය සොරා ගෙන දුම්රියෙන් බිමට පැන්න සොරකු හඹායාමට දුම්රියෙන් බිමට පැන්න චීන ජාතිකයකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
චීන ජාතිකයා ද තමා පසුපසින් බිමට පැනීම නිසා සොරා පසුම්බිය බිම දමා පළාගොස් ඇති අතර පසුම්බිය පසුව අහුළාගත් තරුණියක එය පොලිසිය බාර දී ඇත.
චීන ජාතිකයාගේ මුදල් පසුම්බියේ විවිධ රටවල මුදල් නෝට්ටු රැසක් තිබූ බව පොලිසිය පවසයි.

