(නිශාන්ත කුමාර)
පස්සර මඩොල්සිම මාර්ගයේ දී සිදු වූ බස් අනතුරින් මියගිය පුද්ගලයින් අට දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව අද (07) පස්වරුවේ ඔවුන්ගේ ඥාතීන්ට බාරදුන් බව මඩොල්සිම පොලිසිය පැවසීය.
මියගිය පුද්ගලයින් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය බදුල්ල පළාත් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් පස්සර දිසා රෝහලේ දී සිදුකළේය.
බස් රථ අනතුරෙන් සිදු වූ කම්පනයෙන් සහ අධික රුධිර වහනය හේතුවෙන් මෙම මරණ සිදු වූ බවට අධිකරණ වෛද්‍යවරයා විසින් නිගමනය කර ඇතැයිද පොලිසිය පැවසීය.
මෙම අනතුරින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු අට දෙනෙකු මියගිය අතර තුවාල ලැබූවන් 41 දෙනෙකු මේ වන විටත් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවැසීය.

