(පාලිත ආරියවංශ )
පස්සර මඩොල්සිම මාර්ගයේ 6 කණුව ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරැළී වූ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු අද ( 08) මිය ගොස් තිබේ.
බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද මිය ගියේ කදිරවේලූ ධර්මලිංගම් (58) නම් මහදෝව, මඩොල්සිම පදිංචි කරුවෙකි.
අද මිය ගිය මෙම පුද්ගලයාගේ මරණයත් සමඟ එම අනතුරින් පුද්ගල මරණ සංඛ්‍යාව 9 දක්වා ඉහළ ගොස් තිබේ.
ඉකුත් 6 වැනිදා සිදු වූ අනතුරෙන් බසයේ ගමන් ගත් මගීන් 8 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ.
අනතුරින් මිය ගිය පුද්ගලයින්ගේ අවසන් කටයුතු ඊයේ සහ අද දිනයේදී සිදු කෙරිණි.
තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 10 දෙනකුද අද රෝහලෙන් පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

