පස් නැතිව දකුණු අධිවේගයේ වැඩ නවතියි


(දිලීප් ජයසේකර)

දකුණු අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් පස් නොමැති වීම නිසා මේ වන විට අඩ පණ වි ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු මාරුවත් සමග විවිධ ගැටළු රැසකට මුහුණ දි නැවත ඒවා යථා තත්වයට පත් වීමෙන් පසු වැඩ ආරම්භ කෙරුණු දකුණු අධිවේගී මාර්ගයේ ඉදි කිරිම් සදහා ප්‍රමාණවත් පරිදි පස් ලබා ගැනිමට නොහැකි විම මේ තත්ත්වය උදා වී ඇතැයි එහි ඉදිකිරිම් සිදුකරන පිරිස් පවසති.

රජය විසින් පස්  කැපීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් විවිධ අණ පනත්,නීති රිති පැනවිම ද මීට හේතු වී ඇතැයි කියැවේ.

මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සුරියආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.

ප්‍රශ්නය-පස් නැතිව දකුණු අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාද වෙලා තියෙනවා .ඒ කතාව ඇත්තද ?

පිළිතුර-ඔව්.පස් නැතිව ඉදිකරීම් ටිකක් ප්‍රමාද වෙලා තියෙනවා.ඒක අධිවේගි මාර්ගයට විතරක් නෙමෙයි වෙනත් ඉදිකිරිම් වලටත් මේ පස් ප්‍රශ්නය මතු වෙලා තියෙනවා.අපි මේ වන විට ඒ සදහා අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා.ඉදිරි දින කිහිපය තුළදි පස් ගැටළුව විසඳා ගැනීමට පුළුවන් .මේ සදහා ජනාධිපති තුමා හා අගමැති තුමා මැදිහත් වෙලා තියෙනවා.

ප්‍රශ්නය-රජය විසින් දමපු නිති රිති නිසාම නේද මෙම ගැටළුව මතු වුනේ?

රජයක් යම් දෙයක් වෙනුවෙන් නිති රීති පනවන්නේ නරකට නෙමෙයිනේ.ඇත්තටම පස් ගැටළුව උග්‍ර අතට හැරෙන්න හේතුව වුණේ පස් ටිපර් කිහිපයක් කපන්න කියලා පර්මිට් ගත්ත ඇතැම් උදවිය මහා පරීමාන ලෙස කැලැ විනාශ කරමින් පරිසරයට දැඩි ලෙස හානි කරමින් කටයුතු කිරිම.ඉතින් අධිවේගයේ ඉදිකිරීම් සදහා කියලා පරිසරය විනාශ කරන්න දෙන්න බෑ.ඒ නිසයි පස් සම්බන්ධයෙන් නිති රීති පැනවුණේ.ඒක අධිවේගි මාර්ගයටත් බලපෑවා.නමුත් මේ වන විට නිසි ප්‍රමිතියකට අනුව පස් ලබා ගැනීමේ ක්‍රමවේදයක් අපි සකස් කර තියෙනවා.

ප්‍රශ්නය-මෙහෙම ගියොත් දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් නිසි වෙලාවට ඉවර කරගන්න බැරි වෙයි නේද?

පිළිතුර-නෑ.නෑ.එහෙම වෙන්නේ නෑ.මේ දවස්වල අපි ඉදිකිරීම් අංශ වලට උපදෙස් දීලා තියෙන්නේ පස් වලින් කරන කටයුතු වෙනුවට අනෙකුත් කටයුතු කරන්න කියලා.මේ අතර තුර අපි පස් පිළිබද වු ගැටළුව විසදා ගන්නවා.මොන දෙයක් වුනත් යම් කිසි ක්‍රමවේදයකට අනුව  සැලසුම් සකස් කරන විට යම් යම් ප්‍රමාද වෙනවා.මේක මාර්ග සංවර්ධන අධිකාරිය විතරක් තනිව කරන දෙයක් නෙමෙයි.මේ ඉදිකිරිම් කටයුත්තේදි පාර්ශව ගණනාවක් එක්ක අපිට ගනුදෙනු කරන්න වෙනවා.පස් ලබා ගැනීමේදීත් එහෙම තමයි.මේ වන විට අපි ඒ ගැටළු සියල්ල නිරාකරණය කරගනිමින් කැබිනට් පත්‍රයක් දමලා තියෙනවා.ඒක කඩිනම් කරගැනීම තමයි කළ යුතුව තියෙන්නේ.පරිසරය විනාශ වෙන්න දෙන්නත් බෑ.අධිවේගයේ වැඩ නතර කරන්නත් බෑ.

ප්‍රශ්නය-මේ විදියට අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් ප්‍රමාද විම නිසා ඉදිකිරිම් කරන චින සමාගමට වන්දි ගෙවන්න වෙනවා නේද?

ඔව්.යම් හෙයකින් ප්‍රමාද වුවහොත් නම් ඒ අයට වන්දි ඉල්ලීමේ හැකියාවක් තියෙනවා.නමුත් එහෙමෙයි කියලා අපේ රටේ තියෙන පරිසර පද්ධතිය විනාශ කරගන්න බැහැනේ.ඉදිකිරීමේදි යම් ප්‍රමාදයක් තියෙනවා.නමුත් අපිට එය ඉවසන්න වෙනවා.

ප්‍රශ්නය-ඔය කියන විදියට අලුතින් එන ගැසට් එකෙන් පස් ප්‍රශ්නය විසදේවිද?

අනිවාර්යයෙන්ම විසඳෙනවා.අපි නිසි ක්‍රමවේදයක් දැන් හදුන්වා දෙනවා.එතකොට ඒ ක්‍රමයට අනුගත වෙලා ඉදිකිරිම් කටයුතු හා අනෙකුත් ආයතන කඩිනම් විය යුතුයි.ගැටළුවක් ආවා.අපි ඒකට නිසි ක්‍රියාමාර්ගයක් ගත්තා.ලංකාවේ ඇතැම් අය ඉන්නේ කරගෙන යන දෙයක් වරදිනකම්.අඩුපාඩු බලන්න විතරයි.අඩුපාඩුවක් තියේ නම් ඒක හදාගෙන යන්න රජයකට උදව් කරන පිරිස් අඩුයිනේ.ලංකාවේ ක්‍රමය තමයි වැඩ නවත්තන මිනිස්සු විරයෝ වෙනවා.වැඩ කරන මිනිස්සු වැඩ බැරි අය ලෙස හංවඩු ගැහෙනවා.හැමෝටම විදුලිය ඕනේ.හැබැයි විදුලි බලාගාර හැදෙනකොට ඒකට විරුද්ධ වෙනවා.අධිවේගයත් ඒ වගේ තමයි.ඔය විරුද්ධවෙන අයටත් අධිවේගී මාර්ග ඕනේ.නමුත් කරන්නේ කකුලෙන් අදින එක.යම්කිසි දෙයකට විරුද්ධවෙන මිනිහෙක් නායකයෙක් විම නවත්තන්න ඕනේ.රටට යහපතක් වෙන්න නම් වැඩ කරන මිනිස්සුයි නායකයෝ කරන්න ඕනේ.එහෙම වුනොත් විතරයි රටක් දියුණුවෙන්නේ.