පස් කන්දට යටවූ හය දෙනෙක් රෝහලේ


හැටන් නුවරඑළිය මාර්ගයේ රොසිටා නගරයේ පාර අලූත්වැඩියා කරමින් සිටියදී  පස් කන්දකට යටවූ ඉංජිනේරුවරයකු  ඇතුළු හත්දෙනෙකු බේරා රෝහලට යැවූ බව පොලීසිය හා සහන සේවකයෝ කියති. ඉංජිනේරුවරයාගේ හා සේවකයන් දෙදෙනකුගේ තත්ත්වය බරපතල වුයෙන් නාවලපිටිය රෝහලට මාරුකළ බවද වැඩබිමේ සේවකයෝ කියති.