පස් කන්දක් කඩා වැටීමෙන් කම්කරු කාර්යාල ගොඩනැගිල්ල අනතුරේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර කම්කරු කාර්යාල දෙමහල් ගොඩනැගිල්ලට යාබද ඔමරිකන්ද විහාර භූමියේ විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් කම්කරු කාර්යාල ගොඩනැගිල්ලට අනාරක්ෂිත බවක් ඇතිවී ඇතැයි කළුතර දිස්ත්‍රික් ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කර්නල් ප්‍රසාද් ජයසිංහ මහතා පවසයි.

මේ හේතුවෙන් කම්කරු කාර්යාලය අද(27) දින වසා තැබිණි.