(රංජිත් රාජපක්ෂ)
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්මඇණ හිට ඇති බව වටවල පොලිසිය කියයි.
අද (15) පස්වරු 3ට පමණ මෙම පස් කන්ද කඩා වැටි ඇති බවයි වටවල පොලිසිය කියා සිටියේ. මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පස් කන්ද කඩා වැටි ඇත.
කඩා වැටුණු පස් කන්ද ඉවත් කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා වාහන ගිනිගත්හේන , දියගල නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
එම පස් කන්ද කඩා වැටුණු ස්ථානයේ තව දුරටත් පස්කදු කඩා වැටිමේ අවධානමක් පවතින බව වටවල පොලිසිය කියයි.




