පවුල් පිටින් විරෝධයේ
ලංකා බැංකුවේ තාවකාලික පදනමින් රියැදුරන් ලෙස සේවය කළ පිරිසක් අද කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථානය ඉදිරිපිට දු දරුවන් ඇතුළු සිය පවුලේ සාමාජිකයන්ද සමග උද්ඝෝෂණයක් කළහ.
තමන් වසර හතකට අධික කාලයක් තාවකාලික රියැදුරන් ලෙස සේවය කළ ඇති බවත් මෑතකදී සේවක පිරිස් ස්ථීර පදනමින් බැංකුවට අනුයුක්ත කළ නමුත් ඉතා අසාධාරණ ලෙස තමන්ව ඉන් ඉවත් කළ බවත් ඔවුහු කියති.
වයස් සීමාව නිසා මෙසේ තමන්ව ඉවත් කළ බව බැංකුව දැනුම් දුන්නත් උතුරු නැගෙනහිතර පළාත් සඳහා පසුගියදා බඳවාගත් රියැදුරන් පිරිසකගේ එක් අයකු එම වයස් සීමා ඉක්මවා තිබීමත්, උතුරු ප‍්‍රදේශයේ සේවය කළ එකම සිංහල රියැදුරාද ඉන් කපාහැර තිබීම විශාල අසාධාරණයක් බව ඔවුහු කියයි.

