පවුලට බෙහෙත් සොයා දින 41 පොල් ග‍හේ


තම බිරියගේ දියවැඩියාවට බෙහෙත් ගැනීමටත්, දරුවා හදා ගැනීමටත් ආදායමක් නැතැයි කියමින් ගිරිබාව රාජාංගනයේ එච්.ඩී විමලරත්න  (31) හෙවත් කුමාර් අඩි 50ක් උසැති පොල්ගහකට නැඟ අද වනවිට දින 41 කි. කිසිවකු උපකාර කරතොත් පමණක් ගසින් බසින බව ඔහු කියයි. එච්.ඩී. විමලරත්න පළුවැව හන්දිය රාජංගනය ඔහුගේ ලිපිනයයි ගහමුල සිටින කෙනෙකු කතා කළ විට උත්තර දිම සඳහා ගසෙන් අඩියක් දෙකක් බැස යලි ගසට නඟී