පවුලක් කුකුළු කූඩුවේ


සේවිකාවක හා ඇගේ පුංචි දරු තිදෙනා කුකුළු කොටුවක හා කුකුළු කෑම හා බෙහෙත් ගබඩා කළ කාමරයක රඳවා තැබූ බව කියන කුකුළු කොටු හිමියෙක් නිකවැරටිය මහේස්ත්‍රාත් කේ.කේ.  ලියනගේ මහත්මිය විසින් ලබන බ්‍රහස්පතින් දා වනතුරු රිමාන්ඩ් කරනු ලැබීය.  ව්‍යාපාරික පී.ඒ.යු. කුමාර එසේ රිමාන්ඩ් කළ තැනැත්තාය.  එකොළොස් හැවිරිදි දරුවා ජනේලයකින් පැන මව හා සෙසු පිරිස බේරාගෙන ඇත. උසාවි නියෝගයක් ගෙන කුකුළු කොටුව පිරික්සීමට පොලිසිය සැරැසෙයි. කුකුළන් 250ක් මිය යෑමෙන් පසුව මේ පිරිසට එම දඬුවම පමුණුවා ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙයි.