පලෙර්මෝ ඡන්දෙට ලංකාවේ තිදෙනෙක්


ඉතාලියේ පලෙර්මෝ නගර සභා මෑතිවරණය සදහා ඉදිරිපත්ව සිටින දිල්කි ප්‍රනාන්දු මහත්මිය පසුගියදා තම නාම යොජනා පත්‍රය මැතිවරණ කොමසාරිස්වරියට භාර දුන්නාය.

ඈය සමඟ තවත් ශ්‍රි ලාංකිකයෝ දෙදෙනෙක් ද මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටිති. ඔවුන් ලෝක දෙමළ  ප්‍රජාව වෙනුවෙන් ද දිල්කි ප්‍රනාන්දු මහත්මිය මෙහිදි සමස්ත ශ්‍රි ලාංකිකයින්ම නියොජනය කරන්නිය.

පලෙර්මෝ නගරයේ දෙමළ ජාතිකයෝ 5000 වැඩි පිරිසක්ද සිංහලයන් පන්සියක් පමණ සිටිති.