පලු ගස මුදුනේ තොරණකි සැදුනේ


පොසොන් මාසයේ උදාවත් සමග වියළි කලාපයේ පලු හා වීර ගස් ගෙඩි වලින් බර වේ. මැයි ජූනි මාසවලදී පමණක් හටගන්නා මේ පළතුර මුවන්, ගෝනුන්, වලසුන් වැනි වන සතුන් මෙන්ම මිනිසුන් අතර ද ජනප්‍රිය කෑමකි. එහෙන් නගරයේ බොහෝ දෙනෙක් පළු, වීර නොහඳුනති. කතරගම බුත්තල මාර්ගයේත්, සිතුල්පව්ව-තිස්ස මාර්ගයේත් කහ හා කොල පැහැ විදුහිලි බුබුළු මෙන් මේ දිනවල පලු දැකිය හැකිය.