(ඉන්දිකා රාමනායක)
කුරුණෑගල මල්ලවපිටිය මුස්ලිම් දේවස්ථානයට ඉකුත් මැයි 21 වැනි දා බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා බොදුබල සේනා සංවිධානයේ කි‍්‍රයාකාරි සමාජිකයින් බවට විමර්ශනයේ දී හෙළි වු බවද ඒ මහතා කියයි.
ඉකුත් 21 වැනි දා කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් කුරුණැගල කොස්කැලේ ප‍්‍රදේශයේදී ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇති වු උණුසුම්කාරි තත්ත්වයෙන් පසු මෙම බෝම්බ ප‍්‍රහාරය සිදුවී තිබිණි.

