ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වු බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව සිදු කෙරෙන යම් විමර්ශනයක් හෝ නඩු පැවරීමකදී ඕනෑම රජයේ ආයතනයක් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකන් ගුවන් ගුවන් සමාගමේ සභාපතිවරයා එහි කලමනාකාරීත්වයට උපදෙස් දී තිබේ.
2011 සිට 2015 ජුනි දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වු බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව මේ වන විට එක්සත් රාජධානිය ප්‍රකාශයට පත් කර ඇති තීන්දුව පිළිබඳව දැනුම්වත් වීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.
ඉදිරියේදී නිවැරදි ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් පවතින සියලු අභ්‍යන්තර ලියකියවිලි සංරක්ෂණය කර අධ්‍යයනය කරන ලෙස ද ඒ මහතා කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී තිබේ.

