පරිභෝජනයට නුසුදුසු කිරිපිටි පිටකොටුවෙන් අල්ලයි


(බී. ජානක)

මිනිස් පරිභෝජනයට නොසුදුසු කිරිපිටි පැකට් ගබඩා කර තිබු පිටකොටුව ප්‍රදේශයේ ​ ස්ථාන තුනකට පාරිභෝගික සේවා අධිකාරියේ වැටලිම් අංශය නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය.

කොළඹ වේල්ල විදියේ, ශ්‍රි කදිරේශන් විදිය ප්‍රදේශයේ ගබඩා තුනක් මෙලෙස මුද්‍රා තැබූ අතර එහිදී කිරිපිටි ඇසුරුම් කර එම පැකට් පිටකොටුවෙ තොග වෙළෙදභ සල් වෙත යවා අලෙවි කිරිම සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මුද්‍රා තබන අවස්ථාවේ දී ගබඩා තුළ ග්‍රෑම් පන්සීය බැගින් වූ කිරිපිටි පැකට් අඩංගු කිලෝග්‍රෑම් 25 මලු 76 ක් තිබී සොයා ගැනිමට හැකිවු බවත් මෙලෙස අත්අඩංගුවට ගත් මුළු කිරිපිටි. ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1900 ක් බව පොලිසිය පවසයි.

බස්නාහිර පළාත් බුද්ධි අංශ නිළධාරින්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. ගබඩාවන්හි අයිතිකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බව පිටකොටුව පොලිසිය පවසයි.