පරිගණක දෙනවාද නැද්ද තීන්දුව කල්යයි


රහස් පොලිසිය ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවියෙන් අත්අඩංගුවට ගත් පරිගණක මුදා හැරීම පිළිබඳ තම තීන්දුව ලබන 18 වැනි දාට දෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවැසීය. මිරර් වෙබ් අඩවියට එම පරිගණක මුදා හළහොත් එහි අඩංගු දෑ වෙනස් කළ හැකි යැයි රහස් පොලිසිය කීවේය. එම පරිගණක ආරක්ෂාව සහිතව කොළඹ සරසවියේ තැබීය. හැකිදැයි සොයා බලන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට දැන්වීය.