පරාජිත අලියාගේ ගෙදරට මැර ප‍්‍රහාරයක් තිදෙනෙක් රෝහලේ
එක්සත් ජාතික පක්‍ෂයේ උතුරුමැද පළාත් සභාවේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයට තරග කැර පරාජය වූ මිහින්තලේ ප‍්‍රාදේශීය සභා විපක්‍ෂනායක ලලිත් එදිරිසිංහ මහතාගේ පුලියන්කුලම නිවසට මුගුරු රැගත් පිරිසක් පැන ජනෙල් දොරවල් කඩා වාහන තුනකටද අලාභහානි කැර තිදෙනකුටද තුවාල කැර ඇතැයි අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබේ.
පළාත් සභාවට තේරීපත්වූ මන්ත‍්‍රී වරයකුගේ නමක්ද සහිතව සැකකරුවන්ගේ නම් ලැයිස්තුවක් පොලිසියට ඉදිරිපත්කර ඇත. එදිරිසිංහ මහතාට තුවාල සිදුවී නැත.

