පරාජයේ වගකීම කණ්ඩායම බාරගත යුතුයි
ඉන්දීය පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ මේ දක්වා ශ්‍රී ලංකා පිල හොදින් ක‍්‍රීඩා නොකළ බවත් ශී‍්‍ර ලංකා කණ්ඩායම එහි වගකීම බාරගත යුතු බවත් ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන පැවසීය.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (31) පැවැති සිවුවැනි තරගයේ පරාජයෙන් පසුව මාධ්‍යහමුව අමතමින් මහේල එසේ පැවසීය.
තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දියාව මේ වන විට 3x1 ක් ලෙස තරගාවලියේ ජය ලබා සිටියි.
”අපි ඉන්දියාවට එරෙහිව මීට වඩා හොදින් ක‍්‍රීඩා කළ යුතුයි. ඉන්දීය පිතිකරුවන් ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි. සැළසුම් කළාට ඒවා වෙන්නේ නෑ. වැරදි අඩු කරගත යුතුයි”
”පාකිස්තානු තරගාවලියේ අපි හොදින් ක‍්‍රීඩා කළා. මේ තරගාවලිය පුරාම හොදින් ක‍්‍රීඩා නොකිරීමේ වගකීම බාරගන්න ඕනේ’” යයිද මහේල ජයවර්ධන පැවසීය.
සිවුවැනි තරගය පරාජයට පත්වීමට හේතුව කුමක්ද යන ප‍්‍රශ්නයට මෙසේ පිළිතුරු සැපයීය.
”මෙම තණතිල්ලේ මොකක්ද කරන්නේ කියලා අපිට සැළසුමක් තිබුණා. නමුත් ඒ අනුව ක‍්‍රීඩා කළේ නෑ. ගොඩක් කඩුලූ දුන්නම අවශ්‍ය ඉලක්කයට යන්න බෑ. පන්දු රැුකීමේදී හො`ද දේ කළා, ඒත් අපෙන් වැරදිත් වුණා. පරාජයට හේතුව අපි එතරම් හො`දින් ක‍්‍රීඩා නොකිරීමයි”

