පර්ත් රිද්ම රැයෙන් ඇතා වැටුණු වැව ගොඩගනී


(අරුණ ජයවර්ධන පර්ත් නුවර සිට) ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව රිද්ම රැය නම් ප‍්‍රසංගයක් වාර්ෂිකව පවත්වා ලැබෙන මුදලින් ශ්‍රී ලාංකාවේ  දුෂ්කර පාසල් වලට උපකාර කිරීමට වැඩ සටහනක් අරඹා ඇත. යුද සමයේ තර්ජනයට ලක්වූ වැලිඔය ඇතාවැටුණු වැව මහා විද්‍යාලයට පානීය ජල පහසුවද, ගුරු නිවාස හතරක්ද වැසිකිලි කැසිකිලිද, විද්‍යාගාරද අලූත්වැඩියා කළ බව පර්ත් නුවර ශ්‍රී ලංකා එකමුතුව කියයි. මීට වැයවු මුදල රුපියල් ලක්‍ෂ 15කට අධික බවත් විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයෙන්ද, මව්පියන්ගෙන්ද මිල්රෝයි ප‍්‍රනාන්දු මහතාගෙන් ලැබුණු සහය අගය කරන බවත් එම එකමුතුව පවසයි.