පරණ සිමෙන්ති තොගයක් බණ්ඩාරගමින් යළි අල්ලයි


බණ්ඩාරගම කඩකාමර දෙකක තුබූ කල් ඉකුත් වූ සිමෙන්ති මලු දහසකට පමණ පරිභෝගික අධිකාරියේ හදිසි වැටලීම් අංශය අද සිල් තැබූ බව එහි ප්‍රධානී ඒ.ඒ. ජසූර් මහතා කියයි. මීට  දින 15කට පෙර එතැන දීම මෙවැනිම සිමෙන්ති තොගයක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පරණ සිමෙන්ති එම ගබඩාවෙන් පිට කැර අලුතින් සිමෙන්ති එහි ගබඩා කිරීමට උත්සහා ගත් බව පෙනේ යැයි පාරිභෝගික අධිකාරිය කියයි.