පරණ කොටි අඩවියේදී වලහෙක් සෙබළාට ගහයි


මාන්කුලම අම්බගාමන් පරණ කොටි අඩවියේ මහ කැළයට සටන් පුහුණුවට ගිය ලාන්ස්කෝප්‍රල්වරයෙකු වලසකු සපා කෑමෙන් තුවාල ලැබීය.

දින පහක වන සටන් පුහුණුව  සඳහා සෙබළ කණ්ඩායමක් මුලතිව්හි පිහිටි කැලයට ගොස් ඇත.

වලසා ද වෙඩි කා මිය ගිය බව දැනගන්නට ඇත.

කෝප්‍රල්ගේ මුහුණට හා දකුණු අතට බරපතළ තුවාල සිදුවී ඇතැයි අනුරාධපුර රෝහල කියයි.