පඹහින්න සිසුහු ඉවත් නොකැරෙති


බලන්ගොඩ පඹහින්න මංසන්ධියේ අට්ටාලයක් තනාගෙන සත්‍යග්‍රහයක යෙදෙන සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් ඉවත් කිරීමට පොලිසිය බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එල් කන්නන්ගර මහතා ප්‍රතික්ෂේප කළේය.

නේවාසිකාගාරයක බලහත්කාරයෙන් රැඳී සිටින විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඉවත් කිරීමට අවසර දෙන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලී සිටි අතර ඊට ද අවසර නොලැබිණි.

පඹහින්න මංසන්ධිය ආසන්නයේ සිදු කරන සත්‍යග්‍රහය නිසා ජනතාවට අවහිරතා සිදු වෙන බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.