පනාමුරේ විදුලි උපකරණ පිළිස්සේ


ඇඹිළිපිටිය පනාමුරය අවට ගම් කිහිපයකට අධි විදුලිසැරයකින් ගෙවල් දෙසීයක පමණ  විදුලි උපකරණ හානියට පත්ව ඇතැයි  ගමියෝ කියති. රූපවාහිනි ගවන්විදුලි යන්ත්‍ර සී එෆ්එල් බල්බ්  වතුර    මෝටර් වඩු යන්ත්‍ර ඇතුළු  විනාශවු උපකරණ අතර වේ ලංකා විදුලි බල මණ්ඩලයේ කොළොන්න විදුලි අධිකාරි  ඩබ්ලිව් රසාංජන මහතා පැවසූයේ පැමීණිළි ගැන පරීක්ෂණ පවත්වන බවයි.