පානදුර ගලිගොඩ ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති හිමියන් සැතපී සිට කුටියට අද අළුයම වෙඩි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
රත්නපුර පොතුපිටියේ ඥානසාර හිමියන්ගේ පැමිණිල්ල අනුව පැවසෙන්නේ ජනේලයෙන් තැබූ වෙඩිල්ල බිත්තියේ වැදී ඇති බවයි. කළු ඇදගත් පුද්ගලයකු ජනේලය ළඟ සිට දුවනු දුටු බව හාමුදුරුවෝ පොලීසියට කියා ඇත.
ඒ හිමියන් වෙඩිල්ලෙන් බේරී ඇති බව පොලීසය කියයි.