පන්නලට තද සුළං: නිවාස රැසකට හානි


පන්නල හා සඳලංකාව ප්‍රදේශය හරහා අද සවස හමාගිය තද සුළඟකින්  ගස් කඩා වැටීමෙන් වාහන කිහිපයකට ද නිවාස රැසකට ද අලභහානි සිදුව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි.

ගස් වැටීම නිසා පන්නල කුලියාපිටිය මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති අතර පොල්ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමන්ගත් බස් රථයකට ද ගසක අත්තක් කඩාවැටීවෙන් ත්‍රිරෝද රියකටද හානි සිදුව ඇත. ප්‍රදේශයේ විදුලි බලයද සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව පොලිසිය කියයා. තද වර්ෂාවත් සමග පැයකට ආසන්න කාලයක තද සුළං පැවැති බව ප්‍රදේශවාසීහු කියති. කෙසේ වුවද කිසිදු පුද්ගල අනතුරක් වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යාස්ථය පවසයි.