පන්දුව කිහිපවරක්ම මාරු කරයි
මෙම තරගය සඳහා යොදාගන්නා ලද ‘කුකබරා’ වර්ගයේ පන්දුව කිහිප අවස්ථාවකදීම මාරු කිරීමට සිදුවූ අතර නවසීලන්ත මුල්ඉනිමේ ඕවර 153 ක් සඳහා සිවු වතාවක් පමණද, ශී‍්‍ර ලංකා මුල් ඉනිමේ ඕවර 94 සඳහා නැවතත් සිවු වතාවක්ද, නවසීලන්ත දෙවැනි ඉනිමේ ඕවර 54 සඳහා සිවු වතාවක්ද පන්දුව මාරු කිරීමට විනිසුරුවරුන්ට සිදුවිය.
පන්දුවේ හැඩය වෙනස් වීමේදී පන්දුව මාරු කරන ලෙස ඉල්ලා සිටීමේ අවස්ථාව පන්දු යවන කණ්ඩායමේ නායකයා සතුය. එවන් අවස්ථාවකදී කී‍්‍රඩා කරමින් සිටින පන්දුවට සමාන තත්ත්වයේ තිබෙන වෙනත් පන්දුවක් කී‍්‍රඩාව සඳහා යොදා ගැනීමට විනිසුරුවරුන්ට බලය තිබෙන අතර ඒ බව දෙපිලේ නායකයන්ට දැන්විය යුතුය. පන්දුවේ හැඩය වෙනස් වීම පරීක්‍ෂා කිරීම සඳහා සම්මත මෙවලමක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් විනිසුරුවරුන්ට සපයනු ලැබ ඇත.
තරගයෙන් අනතුරුව මෙම තරගයේදී පන්දුව මාරු කිරීමට සිදුවූ වාර ගණනන සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් තරග තීරකවරයා හරහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.

