පන්තිභාර ගුරුවරිය නැතැයි දඹුල්ලේ පාසලක පළමු වසරේ සිසුන් ආපසු හරවා යවලා


(කාංචන කුමාර ආරියදාස)

තුන්වැනි පාසල් වාරය ආරම්භක දිනයේම දඹුල්ල  ප්‍රදේශයේ  විදුහලක  පළමු ශ්‍රේණිය (ඒ) පන්තියේ දරුවන් පාසල් නොමැතිව නැවත නිවසට හරවා යැවීමේ පුවතක් වාර්තා විණි.

පාසල් නිවාඩුව අවසන් කර  අද (03) උදෑසන පාසලට ගිය අවස්ථාවේදී එම පන්ති කාමරය වසා ඉබි යතුරු දමා තිබුණු බවත්  පන්ති භාර ගුරුවරිය එදින පාසැල  නෙඑන බැවින් පළමු වසරේ පන්තිය නොපැත්වෙන බව අනික් ගුරුවරු පැවසූ බව මව්පියෝ පැවසුහ. 

ඒ අනුව පාසල් පැමිණි සියලුම දුවා දරුවන් නැවත නිවෙස්වලට පිටත්කර යැවූ බවද  මව්පියෝ සඳහන් කළහ.

මේ සිදුවීම සම්බන්ධයෙන්   ගුරුවරුවන්ගෙන් විමසිමෙදී සඳහන් කළේ පන්ති බාර  ගුරුවරිය නොපැමිණිම නිසා පැමිණ සිටී සිසු සිසුවියන් පළමුවැනි වසරේ අනෙකුත් පන්ති තුනට යොමු කළ බවය.

කෙසේ වෙතත් එම පන්ති තුනේ ගුරුවරුන්ගෙන්  විදුහල්පතිවරයාද සමඟ ගොස් විමසීමේදී එම ගුරුවරුන් කියා සිටියේ තමන්ගේ   පන්තියේ ළමුන් හැර වෙනත් ළමුන් තම පන්ති තුනේ මෙදින ඇතුළත් වීමක් නැති බවයි.

විදුහල්පතිවරයාගෙන්  විමසීමේ දී කියා සිටියේ තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් අඩුම තරමේ දෙමව්පියන් හෝ දරුවෙක් හෝ ගුරුවරයෙක් පැමිණ එම පන්තිය නොපැවැත්වෙන බවට තමා ව දැනුවත් නොකළ බව යි. එසේ සිදු කළේ කවුරුන්ද යන්න තමන් සොයා බලන බවද සඳහන් කළේය.

තුන්වැනි වාරයේ පාසල් ආරම්භ දිනයේම මෙම පංතිය වසා දමා දරුවන් නිවසට පිටත්කර හැරීම පිළිබඳව දෙමව්පියන්ගෙන් ලැබුණු තොරතුරක් මත මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා මේ පිළිබඳව පළාත් අධ්‍යාපන ලේකම්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් විද්‍යාලයේ එම පන්තිය ඉබි යතුරු දමා වසා තිබෙන අයුරු විද්‍යාලයට ගිය දැක ගැනීමට හැකියාව ලැබිණි.